29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි ඔවුන් ජනතාවට දැනුම්දෙන්නේ.