33.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල අද පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද පහළට

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

ඒ අනුව ඔහු පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසේ සීමාවෙන් පහළ අගයක් දක්වා අඩු අඩු කිරීමට කටයුතු කරන බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගිය මස 04 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186.00ක් ලෙසටයි. එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281.00ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598.00ක් ලෙසටත් මේ වනවිට දැක්වෙනවා.