26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාගල වතු නිවාස පෙළක ගින්නක්

රාගල වතු නිවාස පෙළක ගින්නක්

නුවරඑළිය, රාගල ලෝවර් ඩිවිෂන් වත්තේ අංක හය ලැයිමට අයත් නිවාස පේළියේ හටගත් ගින්නකින් නිවාස 20ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

පොලීසිය පැවසුවේ උදෑසන 10ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදී එම ලයින් කාමර වල ජීවත් වන බහුතර පිරිසක් එදිනෙදා කුලී වැඩ සඳහා පිටත්ව ගොස් තිබී ඇති බවයි.

පොලීසිය සැක පළ කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවයි.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළද අධික සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැයිම් කාමර මුළුමනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.