රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා මේ වනවිට කාර්යාල අඩස්සියට පත්කර ඇති බව වාර්තා වනවා.
එම සංස්ථාවේ සේවකයන් කොළඹ 02 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි සභාපතිවරයාගේ කාර්යාලයෙන් ඔහුට පිටතට පැමිණීමට නොදී රඳවා සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.
ඉංජිනේරු සංස්ථාවේ ජුනි මස වැටුප කොටස් වශයෙන් ගෙවීම සහ එම වැටුපට අදාළ ඉතිරි කොටස් මේ වන තෙක් නොගෙවීම හේතුවෙන් එම සේවකයින් මෙලෙස සභාපති කාර්යාලය වටලා ඇති බවයි වාර්තා වන්නේ.


