මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඝණ මීදුම් තත්ත්වයක් මතුවී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, ඒ ආශ්‍රිත අතුරු මාර්ගවලත් මෙම මීදුම් තත්ත්වය පවතින බවයි.
මේ හේතුවෙන් රථවාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙසට හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 45ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.


