― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

බේරුවෙල සහ අලුත්ගම දුම්රිය ස්ථාන අතර කොටසේ මෙම අලුත්වැඩියාව සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (08) දිනයේ පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා මෙම මාර්ග කොටස මෙලෙස වසා තැබෙන බවයි නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තෙමන්තුව සඳහන් කළේ.

දුම්රිය මාර්ගය වසා තැබෙන මෙම කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.