27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතුවලට පොළියක්

විදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතුවලට පොළියක්

විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොළිය ජූලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වී ඇති බව විදුලි, පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය පවසයි.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් ගෙවිය යුුතු පොලිය ප්‍රථමයෙන් ගෙවන ලෙස තමන් ඉල්ලීමක් කරන බවයි.

ඒ පොළිය අයිති විදුලි පාරිභෝගිකයින්ට. නමුත් ඒ අයිතිය විදුලිබල මණ්ඩලය ලබාදුන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් ලොකු සටනක් කරන්න වුණා. ඒ තුළින් හැකියාවක් ලැබුණා විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ලබාගන්නා තැන්පතුව වෙනුවෙන් දෙන පොලිය ගෙවන බවට. විදුලිබල මණ්ඩලය පොරොන්දු වුණා ජුලි මාසයේ සිට පොලිය ලබාදීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒකත් කොටස් දෙකකට. මුලින්ම විශාල ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහා. ජනවාරි සිට කුඩා ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහාත්. ඒකෙනුත් පොඩි මිනිහට තමයි පහර ගහන්නේ. අපි ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු සඳහාවූ පොළී මුදල් මුලින්ම ගෙවන්න කියලා.”