30.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතුන්ගේ ලෙඩට පිහිටවෙන්න අලුත් ඇප් එකක්

සතුන්ගේ ලෙඩට පිහිටවෙන්න අලුත් ඇප් එකක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIT) මහාචාර්යවරයකු විසින් සතුන් සඳහා නව යෙදුමක් (App) හඳුන්වාදී තිබේ.

එම නව යෙදුම මගින් නිවසේ සහ ගොවිපොළවල ඇති කරන සතුන්‌ගේ තොරතුරු සහ ප්‍රතිකාර සම්බන්ධ දත්ත ඇතුළත් කිරීමේ හැකියාව පවතී.

මෙම යෙදුම නම් කර ඇත්තේ ‘Pet Pulz’ යනුවෙනි. වසර හතරකට වැඩි කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනවලින් අනතුරුව මෙම යෙදුම හඳුන්වා දුන් බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහාචාර්ය කෝලිය පුලසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් දීර්ඝ කාලයක් පුරා කළ අධ්‍යනවලින් අනතුරුවයි මෙම නව යෙදුම හඳුන්වා දී ඇත්තේ.

‘Pet Pulz’ යෙදුම ජංගම දුරකථනය ඔස්සේ බාගත කරගත හැකි අතර නිවසේ ඇති කරන බල්ලා, පූසා ආදී සතුන්ගේ පමණක් නොව ගිරව් ආදී පක්ෂීන් ඇතුළත් කරන්නේනම් එම පක්ෂීන්ගේ තොරතුරුද ඡායාරූපයක් සහිතව මෙම යෙදුමට ඇතුළත් කළ හැකි බවයි මහාචාර්යවරයා පැවසුවේ.

රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන රෝගී සතුන්ගේ දත්ත අදාළ යෙදුමට එකතු කෙරෙන අතර එහි සතාගේ රෝග තත්වයන්, ප්‍රතිකාර ආදී කරුණු ඊට ඇතුළත් කෙරේ. ඒ අනුව එම සත්වයාට යළි ප්‍රතිකාර කිරීමේදී පසුගිය තොරතුරු පශු වෛද්‍යවරයාට පහසුවෙන් යෙදුම හරහා බලාගැනීමේ පහසුකම සැලසේ.