― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඇත්ත බලය ජනතා බලය බව ඔප්පු කළේ ගෝඨාභය රාජපක්ෂ. ස්තුතියි ගෝඨාභය !! !

ඇත්ත බලය ජනතා බලය බව ඔප්පු කළේ ගෝඨාභය රාජපක්ෂ. ස්තුතියි ගෝඨාභය !! !

ඇත්ත බලය ජනතා බලය බව ඔප්පුකල ගෝඨාභය රාජපක්ෂට ස්තූතියි.ජන අරගල ව්‍යාපාරයේ දෙවන සමුළුව අමතමින් ඊයේ 8 දින ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික සුජිත් කුරුවිට මේ බව පැවසීය.

ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික සුජිත් කුරුවිට

මේ රටේ බොහෝ දේශපාලන ව්‍යාපාර ආරම්භ අවස්ථාවට සීමා වෙමින් තිබියදී. අපි වසරකුත් කෙටි කාලයක් තුළ ජන අරගල ව්‍යාපාරය ගොඩ නමින් ජයග්‍රාහී ශක්තිමත් ගමනක් යමින් සිටිනවා. මේ ක්‍රියාවලියේ බලය ශක්තිමත් කරන්න වෙන්නෙ ඔබට. මේ ජන බලය ගොඩ නගමින් අප මුහුණ දෙන පීඩාව තුරන් කරන්න වෙන්නෙ ඔබට. මේ රටේ පීඩාව විඳිමින් වුවත් ඒ් පීඩාවට ඒරෙහිව සංවිධානය වන ජන අරගල වයාපාරය ශක්තිමත් කරන ජනතාවට.

සමහරු අපෙන්  අහනවා ඔය කියන බලය ගන්නෙ කොහොමද? ඒ්ක කරන්න වෙන්නෙ ඒක්කො ඡන්ද බලයෙන් නැත්නම් සන්නද්ධ අරගලයෙන්. අපි කියනවා ඔය තර්කයම වැරදියි. මේ රටේ ඇත්ත බලය ජනතා බලය බව ඔප්පු කළේ ගෝඨාභය රාජපක්ෂ. ස්තුතියි ගෝඨාභය! විධායක බලයෙන් පාර්ලිමේන්තු බහුතරයෙන් සන්නද්ධ බලයෙන් හිටිය පරාජය කරන්න බෑ තියපු ගෝඨාභය පැන්නුවේ සන්නද්ධ බලයෙන්ද? නෑ ජනතා බලයෙන්. ජනතා බලය මේ තරම් හැකියාවක් සහිත බව ඔප්පු කළා වගේම ඒ් ක්‍රියාවලියෙ දුර්වලතාවකුත් පෙන්නුම් කරලයි ගෝඨාභය ගියේ. ඒ් තමයි සංවිධානාත්මක ක්‍රමයක් නැතිව ජනතා බලය පවත්වාගෙන යන්න නොහැකි බව. මැතිවරණ ක්‍රමය තුළත් ජනතා බලය සංවිධානාත්මකව ගොඩ නගන්නෙ කොහොමද කියන කාරණය වෙනුවෙන් කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. ජන අරගල ව්‍යාපාරය නිශ්ක්‍රිය නෑ. ඒ් නිසා කලබල වෙන්න ඒපා. මේ රටේ බලය පවත්වාගෙන යන්නෙ 

මේ වනවිට ඒක්සත් ජනපදයෙ ඉන්දියාවෙ නියෝජිතයා බලය පවත්වා ගෙන යන්නෙ. ඇයි චීනය නැද්ද කියලා කවුරු හරි අහයි. ඔව් චීන රූකඩත් මේ රටේ බලයට පත්ව හිටියා. නමුත් දැන් ප්‍රමුඛ වෙලා තියෙන්නෙ රනිල් ඇතුලු ඒක්සත් ජනපදයට පක්ෂපාති රූකඩ. 

නමුත් මේ ජනතා ද්‍රෝහී බලය පරාජය කිරීමේ හැකියාව ජනතාවට තිබෙන බව ඉතිහාසයට ඒකතු කර තිබෙන තත්වයක් තුළ ජන අරගල ව්‍යාපාරය ඒ් වෙනුවෙන් ජනතාව ඒ්කරාශි කරමින් ජන අරගල සබා තුළ වැඩ කරමින් ඉන්නවා. ඒ්ක දුෂ්කර කාර්යයක් හැබැයි අපි ඒ් කාර්ය ආරම්භ කර තිබෙනවා. සාමුහික ජනබලයක් ඉල්ලා සිටින තත්වය තුළ නව වහල්භාවයෙන් මිදීමේ පාර තියෙන්නෙ සංවිධානය වෙන ඒකයි පාර. 

නවලිබරල් ධනවාදය තුළ සංස්කෘතිකමය පසුබිම තුළ කේවලකරණයට ලක් වුණ මිනිසා නව සමාජයක් ඉල්ලා සිටිනවා. අනාගතයේ අප බිහි කරන සමාජයේ සාමුහික බීජ පැළ කළ යුතුව තියෙන්නෙ මේ අන අරගල ව්‍යාපාරය තුළ. මේ සමුළුවේ තේමාව ලෙස අරගලයට ජවය ජනතාවට බලය යන මේ පණිවිඩය තුඩින් තුඩට ගමින් ගමට අරගෙන යමු.