27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorld06කට දිවි අහිමි වූ එවරස්ට් හෙලිකොප්ටර් අනතුර

06කට දිවි අහිමි වූ එවරස්ට් හෙලිකොප්ටර් අනතුර

විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයකි.

අදාළ හෙලිකොප්ටර් යානය මෙක්සිකානු ජාතිකයින් පිරිසක් රැගෙන කත්මණ්ඩු වෙත පියාසර කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුවීමට මුහුණ පා ඇත්තේ.

යානය ගුවන්ගතව සුළු වේලාවකට පසුව අදාළ යානය අතුරුදන් වූ බවට වාර්තාවීමත් සමඟ යානය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එරට බලධාරීන් සැක පළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීමට හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

කෙසේනමුත් එම යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.