27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට

නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලයේ මෙම නිර්වින්දන ඖෂධ භාවිත කර සැත්කම් සිදුකළ කාන්තාවන් කිහිපදෙනෙකු මියයාමත් සමඟ මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවත් එම ඖෂධ තොගය හෙට (13) දිවයිනට ලැබීමට නියමිත බවත්ය.