26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව පුරා මිලියන 735ක් කුසගින්නේ

ලොව පුරා මිලියන 735ක් කුසගින්නේ

ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

2022 වර්ෂය පාදක කර ගනිමින් ඔවුන් එම වාර්තාව සකස් කර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වයේ ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා මෙය ඉතා ඉහළ අගයක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එය 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ පවසන්නේ.