30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආර්ජන්ටිනාවට ප්‍රබල භූ කම්පනයක්

ආර්ජන්ටිනාවට ප්‍රබල භූ කම්පනයක්

දකුණු ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය එරට වේලාවෙන් අද (17) අලුයම සිදුව ඇති අතර මෙය එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව කිලෝමීටර් 171ක් ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ආර්ජන්ටිනාවේ නියුක්වෙන් පළාත මෙම භූකම්පනයේ කේන්ද්‍රස්ථානය වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වී නැහැ.

මෙම භූමිකම්පාවේ බලපෑම අසල්වැසි චිලී රාජ්‍යට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.