චීනයේ තරුණ විරැකියා අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජුනි මාසයේදී චීනයේ තරුණ විරැකියා අනුපාතය 21.3% ක් ලෙස සටහන් වී ඇති බවත් ඒ අනුව එරට අවුරුදු 16ත් 24ත් අතර තරුණ පිරිසෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රැකියා විරහිත පුද්ගලයෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2%ක් බවයි වාර්තා වන්නේ.