31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරුක්කෝවිල් මුහුදේ ගින්නක්

තිරුක්කෝවිල් මුහුදේ ගින්නක්

තිරුක්කෝවිල් – කෝමාරි මුහුදේ කිසියම් ගිනි ගැනීමක් සිදුවන බවට ධීවරයින් විසින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කළේ එම දැනුම්දීමට අනුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් එම ස්ථානයට ළඟාවෙමින් සිටින බවයි.

කෙසේවෙතත් ඊයේ (16) රාත්‍රි දොළහට පමණ පැවති ගින්න නිවී තිබූ අතර තවදුරටත් එම ස්ථානයට ළඟාවී නිරීක්ෂණ කටයුතු සිදුකරන තුරු මෙම ගිනිගැනීම කුමක්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා කළ නොහැකි බවයි නාවික හමුදාව පවසන්නේ.