― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවරද පිළිගත් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක ඉල්ලා අස්වෙයි

වරද පිළිගත් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක ඉල්ලා අස්වෙයි

  • Tags:
  • ~

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකල බවත් ඒ හේතුවෙන් කතා නායක ධුරයෙන්, පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙමින් ටෑන් චුවාන් ජින් මහතා ප්‍රකාශ කර ඇත.