26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ලක්මව බැබලවූ ශූරයින් දිවයිනට

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ලක්මව බැබලවූ ශූරයින් දිවයිනට

තායිලන්තයේ පැවති 25 වැනි ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයන් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (17) රාත්‍රියේ මව්බිමට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී 140 දරණ ගුවන් යානයෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (17) රාත්‍රී 09.25 ට පමණ පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා බලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්, හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙවර ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගැනීමට සමත් වුණා. ඒ සමඟින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය අවසන් කළේ සිව්වන තැනට පත්වෙමින් වීම විශේෂත්වයක්.