29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයේ වරායකට රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්‍රේනයේ වරායකට රුසියාවෙන් ප්‍රහාරයක්

ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා පවසන්නේ තමන් ඔඩේසාහි ඉන්ධන ගබඩාවට සහ එහි මුහුදු ඩ්‍රෝන යානා නිපදවන කම්හලකට පහර දුන් බවයි.

යුක්‍රේනය විසින් අත්පත් කරගත් ක්‍රයිමියාවෙහි මාර්ග පාලමට විනාශ කිරීමට ප්‍රතිචාර දැක්වමින් ඔවුන් එම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා මෙම වරාය භාවිත කරන අතර කළු මුහුදේ ධාන්‍ය අපනයනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ක්‍රියාත්මක වූ ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු එම ප්‍රහාරයන් එල්ල කිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ එම ධාන්‍ය වරායට ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ ආහාර මිල ඉහළ යාමට ද බලපෑම් එල්ල විය හැකි බවයි.