― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමෙරිකාවේ සරසවියක ලොකු පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට

ඇමෙරිකාවේ සරසවියක ලොකු පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට

ලෝක ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන පත් කර තිබේ.

රේ ජයවර්ධන මහතා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත් වීමත් සමඟ ඔහුට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහාය වීම සහ විෂය නිර්දේශය සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.

ඒ අනුව ලබන ඔක්තෝබර් 15 වැනිදා සිට ආචාර්ය රේ ජයවර්ධන අධ්‍යාපන ප්‍රධානී ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.