22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක්

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අස්වැසුම සුබසාධන ගෙවීමට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහාය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම මුදල ලබාදීමට නියමිතය.