29.5 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතර අවි ගබඩාවක් වටලයි

මාතර අවි ගබඩාවක් වටලයි

මාතර, තිහගොඩ, බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් අවිඅයුධ තොගයක් සොයා ගෙන තිබේ.

මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවිආයුධ සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

එම ස්ථානයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10ක් සහ සරඹ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අයෙක් මේ වනතාක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසයි.