26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 37කට ඇප

අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 37කට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ඝාතන සිද්ධියට අදාළ විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ.

මෙම නඩුව අද (28) ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර එහිදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පසුගිය වසරේ මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමිය අසළ එදින පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය රට තුළ ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළ අතර මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් විය.