30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටිපති මැණික් මුදලාලිගේ ගව ඝාතකාගාරය වටලයි

කෝටිපති මැණික් මුදලාලිගේ ගව ඝාතකාගාරය වටලයි

වැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් වටලා එහි හිමිකරු බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙහිදී ඝාතනය කිරීමට සිටි මී ගවයින් 13 දෙනෙකු සහ සත්ව ඝාතනයට උපයෝගී කරගත් තියුණු ආයුධ ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ආකාරයෙන් ගවයින් මරණ බවට ලද තොරතුරක් අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.