― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ්වලින් පසු වැඩිම සංචාරකයින් ජූලි මාසයේ

කොවිඩ්වලින් පසු වැඩිම සංචාරකයින් ජූලි මාසයේ

පසුගිය පළමු වනදා සිට ඊයේ (27) දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 123,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය COVID-19 වසංගතයෙන් වාර්තා වූ වැඩිම සංචාරකයන් පිරිස ලෙසටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මේ මාසයේ මුල් දින 27 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 123,503ක්.

පසුගිය මාර්තු මාසයේදී ලොව පුරා සංචාරකයන් 125,495ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ජූලි මාසයේදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි.

මෙම මාසයේ ගතවූ කාලය තුළ ඉන්දීය ජාතිකයින් 20,779 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,126ක්, චීනයෙන් 8,446ක්, ජර්මනියෙන් 6,842ක්, රුසියාවෙන් 6,374ක්, ප්‍රංශයෙන් 6,166ක්, මාලදිවයිනෙන් 5,800ක්, නෙදර්ලන්තයෙන් 5,755ක් සහ කැනඩාවෙන් සංචාරකයින් 4,960ක් ද මේ මාසයේ පැමිණ තිබෙනවා.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,388ක්. ඒඅනුව මේ වසරේ ගතවූ කාලය තුළ සචාරකයින් 748,377ක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.