― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeSportLPL තරගාවලියේ හතරවන අදියර අද ඇරඹෙයි

LPL තරගාවලියේ හතරවන අදියර අද ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වන තරඟාවලිය අද කොළඹදී ආරම්භ වනවා.

ආරම්භක තරගයේදී වත්මන් ශූරයන් වන යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්ව සිටිනවා.

බී ලව් කැන්ඩි, කලම්බූ ස්ට්‍රයිකස්, දඹුල්ල ඕරා, ගෝල්ඩ් ටයිටන්ස් හා ජැෆ්නා කිංස් යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනවා.

තරගාවලිය සඳහා විදෙස් ක්‍රිඩකයන් රැසක් ද එක්වීමට නියමිතයි.

දෙවන තරගය ලෙස ගෝල්ඩ් ටයිටන්ස් හා දඹුල්ල ඕරා අතර තරගය හෙට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.