32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්

ඉන්දියවේ නව දිල්ලි නුවර ආගමික පෙරහැරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පිරිස ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සහ මෝටර් රථවලට ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇත.

පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර අහසට වෙඩි තබා තිබේ.

ප්‍රදේශයේ අන්තර්ජාල සේවා ද අත්හිටුවා ඇති අතර විශාල වශයෙන් සිදු කරන රැස්වීම් ද තහනම් කරමින් තහනම් නියෝග නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.