― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබූ පුංචි ශස්මිකා

පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබූ පුංචි ශස්මිකා

මස්කෙළිය ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගිනස් වාර්තාවක් තබා තිබෙනවා.

ඇය විනාඩි 14න් කිලෝමීටර් 2ක දුරක් පාගමනින් ගොස් මෙම වාර්තාව තබා ඇත්තේ ඊයේ (31) දිනයේදීයි.

විග්නේෂ්වරන් ශස්මිකා නැමති මෙම සිසුවිය මස්කෙළිය සෙන් ජොශප් දමිළ මහා විද්‍යාලයේ 01 වසරේ අධ්‍යාපන ලබයි.

පුංචි ශස්මිකා පාගමනින් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ බ්‍රවුන්ලෝ වතුයායේ හින්දු කෝවිල අසළ සිට මස්කෙළිය පොලිස් ස්ථානය දක්වා කිලෝමීටර 2කට අධික දුරක් විනාඩි 14න් ගොස් මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇති අතර මෙම වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා මෙරට නියෝජිත ජුඩ් නිමලන් සමඟ ගිනස් වාර්තා අධික්ෂණ කමිටුව එක්ව තිබේ.

මෙම දියණිය ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මීට මාස කිහිපයකට පෙර ඇගේ පියා වන එස්.විග්නේෂ්වරන් ප්‍රථමයෙන් යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබීම නිසා තමන්ටද ගිනස් වාර්තාවක් තැබිමට ආසාවක් ඇති වූ බවයි.