27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපන්දින කාඩ්පත සමඟ ලැබුණු අරුමපුදුම ලොතරැයි දිනුම

උපන්දින කාඩ්පත සමඟ ලැබුණු අරුමපුදුම ලොතරැයි දිනුම

උපන්දින සුබපැතුම් කාඩ්පතක් සමග ලැබුනු ලොතරැයි පතක් දිනුම් ඇදීමෙන් කාන්තාවකට ඩොලර් මිලියන 2.58ක ත්‍යාගයක් ලැබීමේ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් පසුගියදා සිය උපන්දිනය සමරා ඇති අතර එහිදී අදාළ කාන්තාව වෙත සුබපැතුම් එක්කරමින් ඇයගේ ඥාතියෙකු උපන්දින කාඩ්පතක් සමග ලොතරැයි පතක් ද ඇය වෙත එවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරුව කාන්තාව එය පරීක්ෂා කර බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ඩොලර් මිලියන 2.58ක ත්‍යාග මුදලක් හිමිව තිබෙන බවයි.

පසුව අදාළ කාන්තාව සිය ඥාතියා වෙත දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව පැවසීමත් සමග ඔහුද මෙම සිදුවීම පිළිබඳව පුදුමයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.