22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ ඇති වූ ගිනි ගැනීමකදී, එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටි හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී තිදෙනෙකු ජීවිතක්ෂට පත්ව තිබෙනවා.

මෙසේ මියගිය පුද්ගලයින්ගෙන් එක් අයෙක් කැල්ෆයර් දෙපාර්තමේන්තුවේ සේවය කළ ගුවන් නියමුවෙකු වන අතර අනෙක් දෙදෙනා එම අංශයේම ප්‍රධානියෙකු සහ කැල්ෆයර් කපිතාන්වරයෙකු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බවයි වාර්තා වී ඇත්තේ.