සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) ආරම්භ කළ බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පැවසීය.
අද අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරිනු ලබන අතර
දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණයත් සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇති වූ අර්බුදකාරි තත්ත්වය මේ වනවිට තවත් තීව්‍ර වී තිබේ.


