30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වටලයි

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වටලයි

කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර බෙදාහරින කල්මුණේ පිහිටි ගබඩාවක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත ඇසුරුම් කිරීම හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගබඩාව වටලන අවස්ථාවේදී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2,125 ක් හා ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 82,750 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 44 හැවිරිදි සැකකරු කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.