පසුගිය දිනවල චීනයේ බීජිං නගරයට බලපෑ වාර්තාගත වර්ෂාපතනයෙන් පසු නගරයේ තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට යටිතල පහසුකම්වලටද හානි සිදුව ඇති අතර වර්ෂාවෙන් පසු 33 දෙනෙක් මිය ගොස් ඇති බවත් 18 දෙනෙක් තවමත් අතුරුදන් බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබේ.
උතුරු චීනය පුරා ඇති වූ ගංවතුරෙන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. පසුගිය මාසයේ සිදු වූ මරණ 147 ක් මෙන්ම අතුරුදන්වීම් ස්වභාවික විපත් නිසා සිදුවූ බවද බීජිං බලධාරීන් ප්‍රකාශ කරයි.