29.5 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුවට බලෙන් ඇතුළු වූ පිරිසට ඇප

මහ බැංකුවට බලෙන් ඇතුළු වූ පිරිසට ඇප

විරෝධතාවක් අතරතුර මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කර තිබෙනවා.

ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඊයේ මහ බැංකු පරිශ්‍රය අසළ විරෝධතාවක නිරත වී බැංකු පරිශ්‍රයට ඇතුළු වීමේදී අත්අඩංගුවට ගැනුණා.