27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ට වෙඩි

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ට වෙඩි

ඉක්වදෝරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ Fernando Villavicencio නම් ජනපති අපේක්ෂකයා බවයි.

උතුරු නගරයේ ක්විටෝ හි පැවති උත්සවයකින් අනතුරුව පිටව යන අවස්ථාවේදියි ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ Fernando Villavicencio මෝටර් රථයට ගොඩවෙමින් සිටියදී එක් පුද්ගලයෙක් ඉදිරියට ගොස් ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි.

ඉක්වදෝරයේ වත්මන් ජනාධිපති Guillermo Lasso පවසා ඇත්තේ තමා මෙම ඝාතනයෙන් කෝපයට හා කම්පනයට පත් වූ බවයි.