27.8 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබයිඩන්ට තර්ජනය කළ අයෙක්ට FBI වැටලීමකදී වෙඩි

බයිඩන්ට තර්ජනය කළ අයෙක්ට FBI වැටලීමකදී වෙඩි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට අන්තර්ජාලය හරහා තර්ජනය කළ පුද්ගලෙයකු FBI නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උටා ප්‍රදේශයේ පදිංචි ක්‍රෙග් රොබට්සන් නැමති මෙම පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාදීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුම හරහා හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා ගොනුකළ නිලධාරියෙකුටද මරණ තර්ජන එල්ල කර අති අතර ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා උටාහි සංචාරයකට පැමිණෙන බවට තමන්ට වාර්තා වී ඇති බවත් ඔහුව මරා දමන බවටත් තර්ජනය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමට ගිනි අවි දුසිම් ගණනක ඡායාරූප එක් කරමිනුයි මෙම පුද්ගලයා තර්ජනය කර තිබුණේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීම Fඹෛ ආයතනය ප්‍රතික්ෂේප කර ඇත.