― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් මිනිස් අස්ථි හමු වූ ස්ථානයේ විශේෂ පරික්ෂාවක්

මුලතිව් මිනිස් අස්ථි හමු වූ ස්ථානයේ විශේෂ පරික්ෂාවක්

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සිදුකළ සේවකයින් පිරිසකට අස්ථි කොටස් හමුවු ස්ථානය විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂා කිරීම ඊයේ(10) සිදුකළ බව කෝකිලායි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මුලතිව් අධිකරණ නියෝග යටතේ පුරාවිද්‍ය නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්, අධිකරණ නිළධාරීන් ඇතුළු විශේෂඥයින් පිරිසක් අදාළ ස්ථානය පරීක්ෂා කළ බවයි. අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් වන වාර්තාවක් එළැඹෙන 17 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අදාළ කමිටුව වෙත නියෝග කොට ඇති බවද පොලිසිය පැවසීය.

විශේෂඥ කමිටු වාර්තාවෙන් අනතුරුව අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීරණය අධිකරණය විසින් ලබාදීමට නියමිතය. ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුව තිබිණ. අස්ථි කොටස් හමුවු ස්ථානය පසුගිය ජුනි 30 වැනිදා පරීක්ෂා කළ මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා විසින් ස්ථානයේ කැනීම් කටයුතු ජුලි 06 වැනිදා සිදුකරන ලෙසට නියෝග කෙරිණ.

මුලතිව් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්, පුරාවිද්‍ය නිළධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන් එක්ව ජුලි 06 වැනිදා කැනීම් කටයුතු සිදුකළහ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්ව සිටියහ. කැනීම් ස්ථානයේ කැනීම් තුළින් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක්, ඇදුම් කොටස් කිහිපයක් මුලිකවම සොයා ගත් බවද පොලිසිය පැවසීය. අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ.

“අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා මුලතිව් වැසියන් හා අපි සැක කරනවා. යුද්දේ කාලයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් යුද්දේ ඉවරවෙලා අවුරුදු 14 ක් ගතවුණත් තවමත් අතුරුදහන්වෙලා ඉන්නවා. ඒ අය ගැන කිසිම තොරතුරක් නෑ. ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන් වුණා නම් ඒ අයට මොකද වුණේ කියලා අපි දැනගන්න ඕනේ. කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවු ස්ථානයේ අස්ථි කොටස් 10 ක් විතර දැක ගන්න පුළුවන්. ඒ අතර කාන්තා ඇදුම් කොටස් කිහිපයක්ද තියෙනවා. ඒ ගැන අපිට සැකයි.” යනුවෙනි. සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.