― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආඬිගම සැමියෙක්ගෙන් බිරිඳට වෙඩි

ආඬිගම සැමියෙක්ගෙන් බිරිඳට වෙඩි

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තැබිමේ පුවතක් පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති අතර තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.