27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ කෝවිලක් කඩා වැටී 09ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කෝවිලක් කඩා වැටී 09ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව පවතින අවස්ථාවක මෙම සිද්ධිය සිදුවී ඇති අතර තවත් 20-25 පමණ දෙනෙක් සුන්බුන් අතර සිර වී සිටින බවයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් අනුමාන කරන්නේ.

නායයාමක් හේතුවෙන් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇත්තේ සංචාරකයින් අතර ප්‍රසිද්ධ සිම්ලා නගරයේ පිහිටි හින්දු කෝවිලකි.

එම ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.