33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිදෙනෙක්ට දිවි අහිමි කළ මාන්කුලමේ රිය අනතුර

තිදෙනෙක්ට දිවි අහිමි කළ මාන්කුලමේ රිය අනතුර

මාන්කුලම පොලිස් වසමේ ඒ-09 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් අද (15) අලුයම අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 38, 46 හා 58 වයස්වල පසු වූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පිටුපස ලොරියේ රියදුරු, ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයෙක් සහ වෑන් රථයේ ඉරිපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින්, වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙක් සහ ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා කිලිනොච්චිය සහ මාන්කුලම යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.