27.2 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැගෙනහිර පළාතට ඉන්දියානු ආධාර යටතේ සූර්ය පැනල

නැගෙනහිර පළාතට ඉන්දියානු ආධාර යටතේ සූර්ය පැනල

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සූර්ය පැනල සවිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අනුමැතිය ලබාදී ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් ඊයේ (14) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නැගෙනහිර පළාතේ පුනර්ජනනීය බලශක්තිය සඳහා සැලසුම් මාර්ග සිතියම ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ රජයේ කාර්යාල, පාසල්, රෝහල් සහ ආගමික ස්ථාන සඳහා නොමිලේ සූර්ය පැනල සවි කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ විය.