28.4 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඒකාබද්ධව විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පළමු යෝජනා ක්‍රමය යටතේ තමන්ගේම ඉඩමක නිවාස ඉදිකිරීමට ආධාර ලබාදෙනු ලබන අතර දෙවන යෝජනා ක්‍රමය යටතේ ඉඩම් නොමැති ශ්‍රමිකයින්ට තමන් කැමති නාගරික ප්‍රදේශයෙන් බැහැර ඉඩමක නිවාස තනා ගැනීමට ආධාර ලබා දෙනු ඇත.

තුන්වන කාණ්ඩය යටතේ මහල් නිවාසවල නිවාස ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හිමිවන අතර ඉදිකිරීම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරේ.