27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් සමග කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය සහ රත්ගම ප්‍රදේශවලදී එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ, ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාජගිරිය ප්‍රදේශයේදී අවුරුදු 44 ක් වයසැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 790ක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා, රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 390 ක් හමු වී තිබේ.