― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජ්‍යෙෂ්ඨ පුරවැසි - ආබාධිත දීමනාවේ වෙනසක් නැහැ

ජ්‍යෙෂ්ඨ පුරවැසි – ආබාධිත දීමනාවේ වෙනසක් නැහැ

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව, පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683 ක් සදහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත බවයි.

ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබා දීමට නියමිතය.