― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුහුණුව අතරතුර නාවික හමුදා සෙබළා දියේ ගිලී ජීවිතක්ෂයට

පුහුණුව අතරතුර නාවික හමුදා සෙබළා දියේ ගිලී ජීවිතක්ෂයට

භික්කඩුව පොලිස්‌ වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ පුහුණු රාජකාරියේ යෙදී සිටි බලපිටිය නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නාවික හමුදා සෙබළා කරාපිටිය රෝහලට ඇතුලත්‌ කර ප්‍රතිකාර ලබමින්‌ සිටියදීයි ජීව්තක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි කටුවන, දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර චිමර්ශන සිදුකරනු ලබයි.