― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිසබේ කාමරයකින් කොට්ට දෙකක් හා මෙට්ටයක්?

මැතිසබේ කාමරයකින් කොට්ට දෙකක් හා මෙට්ටයක්?

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීයි මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇත්තේ.

මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සෙවීමට විමර්ශන අරඹා ඇති බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණි.