30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු රාජ්‍ය ලොක්කෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය ලොක්කෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපති නතානියල් සී ෆික් මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තානාපතිවරයා ලබන 20 වැනිදා සිට 23වැනිදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව තහවුරු කර තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිතය.

අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.