32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නතක් විෂ වී තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

එන්නතක් විෂ වී තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 08ක බිළිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහලේදී ලබාදුන් එන්නතකින් පසු දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් ඉන්පසු දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවත් මියගිය බිළිඳාගෙ මවුපියන් චෝදනා කරති.

බිළිඳා උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් පසුගිය අගෝස්තු 04 වනදා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අගෝස්තු 05 වැනිදා බිලිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ලබාදුන් එන්නතකින් පසු අසාධ්‍ය වීම හේතුවෙන් දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී බිළිඳා ජීවිතක්ෂයට පත් වූ බවටයි බිළිඳාගේ මවුපියන් චෝදනා කරන්නේ.

කෙසේනමුත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අද (21) දිනයේදී පැහැදිලි කිරීමක් සිදුකරන බවයි.