25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්

දේශබන්දුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා වන කාරක සභාව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදීඉ නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.