25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

රුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 83කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 16 වැනිදා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 83ක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට එරෙහිව පැමිණිලි 9ක් කාර්යාංශයට ලැබී ඇති බව වාර්තා වේ.

සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැර තිබේ.