25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචැනල් අයි කුලියට දුන්නා විතරයි - ඇමති බන්දුල

චැනල් අයි කුලියට දුන්නා විතරයි – ඇමති බන්දුල

අයි නාලිකාව ලයිකා මොබයිල් වෙත ලබා දුන්නේ මාස 06ක කාලයක් සඳහා කුලී පදනම මත පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

චැනල් අයි නාලිකාව ලයිකා මොබයිල් ආයතනය වෙත බදු පදනම මත ලබාදී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්තනෝමතික තීරණයක් මත බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (22) පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර ඊට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රූපවාහිනි සංස්ථාවට අයත් අයි නාලිකාව විකිණීමක් හෝ බදු දීමක් සිදුකර නොමැති බවත් අයි නාලිකාවේ ගුවන් කාලය මාස හයක් සඳහා බදු දීමක් නොව මාසික කුලී පදනම මත රුපියල් මිලියන 150 + බදු මුදල ලෙසද, මාසික කුලිය රුපියල් මිලියන 25 + බදු මුදල ලෙසද VIS Broadcasting (PVT)Ltd ‌සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

එමෙන්ම ඒ සඳහා රුපියල් මිලියන 75 ක අත්තිකාරම් මුදලක් ලබාගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.